නිවාසයට, වාහනයකට, වයාපාරයට, දිවුනු වෙන්න ණයක් ගන්න ලන්කවේ හොදම තැන තමයි මේ.

Saturday, November 7, 2015

recipes නෙක්ටො අයිස් ක්‍රීම්



                         නෙක්ටො අයිස් ක්‍රීම් 
 

අවශය ද්‍රවය:-

                      ටින් කිරි ටින් 1යි.
                      නෙක්ටො බෝතල් 1යි.
                      ජෙලටින් තේ හැදි 2යි.
                      බිත්තර 4යි.
                      සීනි ග්‍රෑම් 300යි.
                      වැනිලා ස්වල්පයක්.

ක්‍රමය:-

           ටින් කිරි එක කඩා භාජනයකට දමා වතුර ටින් එකක් ද එක්කර ලිපතබා උණු කරන්න. ඉන් පසු ලිපෙන් බාගෙන නිවෙන තුරු  හැදි ගාන්න. ජෙලටින් වලට උණු වතුර එක්කර කලවම් කරන්න. කිරි ටික නිවුණුඅ පසු එයට ජෙලටින්, සීනි, නෙක්ටෝ, වැනිලා, බිත්තර කහ මද එක්කර පැයක් පමණ බීට් කරන්න. ඝන වී උඩට කන්දක් මෙන් එන විට බිත්තර සුදු මදද එක්කර නැවත බීට් කර ශීතතකරනයේ තබන්න.

recipes යෝගට්



                                  යෝගට් 
 

අවශය ද්‍රවය:-
           
                          කල් කිරි බෝතල් 2
                          සීනි කෝප්ප 1
                          ජෙලටින් තේ හැදි 1
                          යෝගට් කොප්ප 1

ක්‍රමය:-

    පළමුව කිරි හා සීනි බදුනකට දමා උණු කරන්න. ජෙලටින් උණු වතුරින් දිය කර එයට එක් කරන්න. හොදින් උණු කරගෙන පදමට පැමිණි පසු යෝගට් කෝප්ප වලට දමා මිශ්‍රනය ස්වල්පය බැගින් එක්කර ශීතකරනයක තබන්න.

recipes පුහුල් දෝසි



                               පුහුල් දෝසි 
 

  අවශය ද්‍රවය:-

                     සිහින්ව ගාගත් අළු පුහුල් මද ග්‍රෑම් 500
                     සීනි කිලෝ 1 1/2
                     වැනිලා ස්වල්පයක්
                     එනසාල් ඇට කිහිපයක්

  ක්‍රමය:-

    සීනි කිලෝ 1ක් වතුර ටිකක් දමා ලිප තබා උණු කරන්න. අළු පුහුල් හිරමනයෙන් ගාගෙන සෝදා තුනී රෙදි කැබැල්ලක දමා පැය 4ක් පමණ දිය බේරීම සදහා එල්ලා තැබිය යුතුයි. දැන් සීනි උණුවන විට අළු පුහුල් මදද දමා කලවම් කර එන්සාල් කුඩු ද දමා හැදි ගාන්න.

    බටර් ගාන ලද ලෑල්ල මතට සීනි ටිකක් ඉස මෙම මිශ්‍රණය තුනී කරන්න. මතු පිටින්ද සීනි ඉසින්න. නිවුනු පසුව කෑලිවලට කපා ගන්න.



recipes රුලන් අළුවා



                               රුලන් අළුවා

අවශය ද්‍රවය:-

                         රුල න් පිටි ග්‍රෑම් 500
                         සීනි කිලෝ 1
                         වියළි පොල් බෑයක පොල්
                         එනසාල් ටිකක්
                         රට ඉදි ග්‍රෑම් 200
                         වැනිලා ස්වල්පයක්

ක්‍රමය:-

     රුල න් පිටි රන්වන් පාට වනතුරු බැද ගන්න. ගාගත් පොල් ටිකද බැදගෙන රුලන්වලට කලවම් කරන්න. එන්සාල් කුඩු කර එයට දමන්න. රට ඉදි ඇට ඉවත් කර සිහින් කැබලි වලට කපා ගන්න. දැන් සීනි ලිපතියා උණු වන විට මේ සියල්ල දමා කලවම් කරන්න. බටර් ගාගත් තැටියක තුනී කර තරමක් නිවුනු පසු කෑලි වලට කපා ගන්න.

recipes කිරිටොපි



                                කිරිටොපි
අවශය ද්‍රවය:-

      කිරි ටින් 1
      සීනි ග්‍රෑම් 750
      වැනිලා ස්වල්පයක්
      කජු මද ටිකක්
      එන්සාල් ඇට කිහිපයක්

ක්‍රමය:-

         සීනි,වතුර කෝප්පයක් දමා ලිපතබා හැදිගාමින් උණු කරන්න. කිරි ටින් එකද කඩා එයට දමා උකුවන තෙක් හැදිගන්න. බටර් ගාන ලද තැටියේ මෙම මිශ්‍රණය ඝන වූ විගස දමන්න. ලිපෙන් බා ගන්නට පෙර කජු මද හා එන්සාල් කුඩු දමන්න. ඉක්මනින් තැටියේ තුනීකර කෙසෙල් කොලයකින් තද කරන්න.

මදක් නිවුනු පසු හතරැස් කෑලි වලට කපා ගන්න.

recipes වටලප්පම්



                               වටලප්පම්

අවශය ද්‍රවය:-

          බිත්තර 8
          කිතුල් හකුරු ග්‍රෑම් 500
          ලක්ස්ප්‍රේ හෝ පොල් කිරි කෝප්ප 1
          වැනිලා ස්වල්පයයි, කජු මද ටිකක්
          වියළි මිදි ග්‍රෑම් 30

ක්‍රමය:-
  

           බිත්තර කඩා බෙලන්ඩරයකින් හෝ අතින් ගසා ගන්න. හකුරු ද හොදට සිහින්ව සූරා ගන්න. පොල් කිරි කෝප්ප එකක් හෝ ලක්ස්ප්‍රේ වැනි කිරි පිටි කෝප්ප එකක් උකුවට සාදාගෙන හකුරුද  එයට දමා හොදින් දිය කරන්න. ඉන් පසු බිත්තර ද වැනිලා හා කජු මද ද එකතු කර ඇලුමිනියම් හෝ පයිරෙක්ස් බදුනක බටර් ගා එයට වත් කර මිදි ටික ද උඩින් ඉසින්න. පොලිතින් කොළයක් බදුනේ කටට බැද වතුර භාජනයක තබා වාෂ්පයෙන් පැය 1/2 ක් පමණ තම්බා ගන්න.

recipes මස්කට්



                                  මස්කට්
 අවශය ද්‍රවය:-
 
            හාල් පිටි ග්‍රෑම් 750
            කජු මද ග්‍රෑම් 200
            සීනි ග්‍රෑම් 500
            කරදමුන්ගු 8, කරාබු නැටි 8
            වතුර බෝතල් 5, තෙල් බෝතල් 1 1/4
            වැනිලා තේ හැදි 5

ක්‍රමය:-

    පිටි සකස් කරගෙන වතුර ටිකක් මිශ්‍ර කර අනාගන්න. මෙම පිටි ගුලිය වතුරින් වරින් වර සෝදන්න. මෙම පිටි වතුර එක්කර එයට සීනි දමා ලිප තබන්න. පොල් තෙල් ටික ටික එයට දමන්න.

     මෙය විනඩි 25ක්පමණ උයාගන්න. මෙය ඝන වු පසු ලිපෙන් බාගෙන කජු මද හා වැනිලා දමා අවශය නම් පමනක් එකතු කර නිවෙන්නට තබන්න. ඉන් පසු කෑලි කපා ගන්න.