නිවාසයට, වාහනයකට, වයාපාරයට, දිවුනු වෙන්න ණයක් ගන්න ලන්කවේ හොදම තැන තමයි මේ.
Saturday, November 7, 2015
recipes පැණිරස මුරුක්කු
පැණිරස මුරුක්කු
අවශ්‍ය ද්‍රව්‍ය:-
කැකුළු හාල් සේරු 1යි.
ලොකු පොල් ගෙඩි 1යි.
බිත්තර 3
පොල් තෙල් බෝතල් 1යි.
සීනි රාත්තල් 1 1/4
ලුණු ස්වල්පයක්
ක්‍රමය:-
හාල් පිටි කොටා ඉදි ආප්ප වලට මෙන් බැද හලාගන්න. පොල් කිරි මිරිකා රෙදි කඩකින් පෙරා ඊට ලුණු වතුර ටිකක් දමන්න. බිත්තර 3 කඩා කෝප්පයකට දමා පෙන නගිනතුරු තට්ටු කර පිටි ටික කොරහකට දමා එයට බිත්තර සාරු වත්කොට ලුණු මිශ්‍ර පොල් කිරි ටිකද දමා අනා හොදට අත් ගසා ගන්න.
ඉදි ආප්ප පිටි වලට වඩා ටිකක් තදට සිටින සේ ගන්න. ඉන් පසු මුරුක්කු අච්චු සහිත වන්ගෙඩියකට පිටි ගුලියක් දමා කෙසෙල් කොළ මතු පිට දිග අතට මුරුක්කු වත්කර අගල් 1 1/2ක් තරම් දිගට අමු මුරුක්කු කෑලි වෙන්කර ගන්න. ඉන් පසු තෙල් වලින් බැදගන්න.
මුරුක්කු බැද දින දෙකකට පමණ පසු සීනි දැමීම වඩාත් රසවත් ය. නැවත බැද අනතුරුව සීනි දමන්න.
සීනි ටික තාච්චියකට දමා වතුර කෝප්පයක් එයට දමා නටවා ඇගිල්ලේ දැවටෙන පදමට පැමිණි පසු මුරුක්කු එයට දමා කලවම් කර කඩදාසියක් මතුපිටට දමා නිවුනු පසු සුළන් නොවදින සේ බෝතල් වල අසුරා ගන්න.
Location:sri lanka
Sri Lanka
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment