නිවාසයට, වාහනයකට, වයාපාරයට, දිවුනු වෙන්න ණයක් ගන්න ලන්කවේ හොදම තැන තමයි මේ.

Saturday, November 7, 2015

recipes කළු දොදොල්



                             කළු දොදොල්
 අවශ්‍ය ද්‍රව්‍ය:-
 

                  පොල් ගෙඩි 12
                  රතු කැකුළු හාල් කිලෝ 1
                  සීනි කිලෝ 2
                  හකුරු  ග්‍රෑම් 500
                  කජු මද ග්‍රෑම් 200

                 එන්සාල් ඇට කීපයක්
                 වැනිලා තේ හැදි 4යි.
                 තෙලෙන් බදින ලද තල හුණ්ඩු 1/2 (අවශය නම්)

 ක්‍රමය:-
  
    පොල් ගා මිරිකා කිරි වෙන වෙනම සකස් කරගෙන දෙවෙනි කිරි සමග හාල් පිටි දියකර දොදොල් තාච්චියක දමා ගින්දර මත තබා හැදි ගාමින් උයන්න.

   පැයක් පමණ හැදිගා අනිත් කිරිද වරින් වර වත් කරන්න. තෙල් වීසිවන තෙක් හැදි ගා තෙල් උඩට මතුවන විට හැන්දකින් ඉස ගන්න. ඉන් පසු සීනි හා හකුරු අකතු කරන්න.

   දොදොල් ඝන වී ගෙන එන විට එන්සාල්, වැනිලා, කරදමුන්ගු, කජු මද දමා ලිපෙන් බා ගෙන ලොකු තැටිවල හෝ පුවක් කොල වල දමා තෙල් බේරෙන්නට තබන්න.

No comments:

Post a Comment